දශක ගණනාවක් පුරා නොනැසී පවතින අර්බුදකාරී ගැටුමක් ලෙස වර්ණවාදය හැඳින්වීමට හැකි ය. ශ්‍රී ලංකාව යටත් විජිතයක් ලෙස දශක ගණනාවක් පැවතුණු වකවානුවේ දී ලාංකික ජන සමාජයට යුරෝපියානු ආභාසය බොහෝ දුරට සමීප විය. ඇඳුම් පැලඳුම්, භාෂාව, කලාව මෙන් ම සමාජ තත්ත්වය වැනි දෑ සැලකිය යුතු යැයි ලාංකික සමාජයට ආරෝපණය වීම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. එම ආභාසයන් පසු කාලීනව ජනවාර්ගිකත්වය, පුරුෂ මූලික සමාජමය ක්‍රමවේදය, වාර්ගිකත්වය, සමාජ තත්ත්වය සහ වර්ණභේදය වැනි ආකාරයට සමාජය මත ස්ථාපිත වී ඇත. ඒ අතුරින් වර්ණවාදය ලාංකික සමාජය මත පමණක්ම නොව ලොව පුරා ව්‍යාප්ත වූ සමාජමය කතිකාවතකි. මෙම වර්ණවාදී අදහස් ලොව පුරා විටින් විට කතිකාවන් ගොඩනගන්නාවූත් අතීතයේ සිට වර්තමානය දක්වා නොවෙනස් වූ මානව සිතෙහි අව්‍යක්තව පවතින අතීතයේ සිටි පුරුදු පුහුණු කළ දැනුමකි. එම දැනුම අවාසනාවන්ත ලෙස ලොව වටා පතුරවාලීමට විවිධ රූපලාවණ්‍ය ආලේපන ප්‍රචාරණ දැන්වීම් පුවරු තමන්ගේ රැකියා ස්ථානයෙන් හෝ තම නිවස තුලට අවකාශය ගොඩනගයි. එම අවකාශය සුන්දරත්වය ප්‍රචාරණය කරනු ලබන්නේ සමාජය ස්ථරායනය මත වේ.
මෙහිදී වර්ණවාදය සහ මා අතර ඇත්තේද අත් නොහැරිය හැකි ආත්මීය බැදීමකි. මන්දයත් උපතින්ම මාහට උරුම වී ඇත්තේ අඳුරු පැහැ සමකි. එම නිසා වර්ණවාදය මගේ මනසින් ලිහිල් කොට ඉවත් කළ නොහැක. එයට හේතුව වනුයේ පෞද්ගලික විවිධ අවස්ථා වලදී සමෙහි වර්ණය නිසා සිදු වූ ප්‍රතික්ෂේප වීම මගේ මනසහි රඳා පැවතුණු නිසාවෙනි.
සමෙහි වරණය අඩු තක්සේරුවක්, අඩු වටිනාකමක් හෝ අඩු ආකර්ණෂණයක් වේ යැයි තම ආත්ම විශ්වාසය පිළිබඳව තමා තුළම ගැටුමක් වූ කාන්තාවන් හට නැවත ඔවුන්ගේ ආත්ම විශ්වාසය නංවාලීමටත් ඔවුන් හට මානසික රුකුලක් ලබා දීමටත් ප්‍රේක්ශකයා හට නිහඬව ආමන්ත්‍රණය කරමින් සුන්දරත්වය වර්ණයට පමණක් සීමා නොවන බව නිරූපණයට මෙම නිර්මාණ ඉවහල් වනු ඇත.
මෙම නිර්මාණය සඳහා විටෙක ස්ව ආලේඛය රූප මෙන්ම කාන්තා රූපද භාවිතා කර ඇත. එමෙන්ම බාහිර පුද්ගල ස්වරූපයෙන් දක්නට ලැබෙන විවිධත්වය මත සුන්දරත්වය නිර්ණය කිරීමට උත්සුක වූවද අභ්‍යන්තර ශරීර සැවොම සමන බව රූපණය කීම මගින් සමානත්මතාවය ප්‍රේක්ශකයාට ග්‍රහණය කිරීම සඳහා මානව සමෙහි සෛලමය සැකැස්ම අධ්‍යනය කරමින් එහි අන්වීක්ශීක රූප රාමු සහ එහි දක්නට ලැබෙන වර්ණවලිය මගේ නිර්මණ සඳහා දායක කොට ගන්නා ලදී.